brand logo
logo
ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කර සුපිරි ජයක්

ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කර සුපිරි ජයක්

30 October 2026


හොංකොං සික්ස්සස් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කර සුපිරි ජයක් ලැබීය.


'බී' කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 6 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 127ක් රැස්කිරීමට සමත්විය.


පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එම ඉලක්කය පන්දු 4ක් ඉතිරිව තිබියදී පසුකර ගියේය.


ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ප්‍රහාරාත්මක ඉනිමක් ගොඩනැගූ විෂේන් හැලඹගේ පන්දු 17කින් නොදැවී ලකුණු 80ක් රැස්කිරීමට සමත් විය.


විෂේන්ගේ ඉනිමට හයේ පහර 11ක් හා හතරේ පහර 3ක් ඇතුළත් විය.


22වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් 1වැනිදා දක්වා මොං කොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

More News..