brand logo
logo
විදුලි බිල්පත් නොලැබීමෙන් පාරිභෝගිකයින් අසීරුතාවයකට පත්වෙයි

විදුලි බිල්පත් නොලැබීමෙන් පාරිභෝගිකයින් අසීරුතාවයකට පත්වෙයි

20 August 2026 | පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල


විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගික ජනතාවට මුද්‍රිත බිල්පත් නිකුත් නොකර කෙටි පණිවිඩ සේවාව හරහා එවනු ලබන ඩිජිටල් මාසික බිල්පත් හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.


මුද්‍රිත බිල්පත් නිකුත් කළ කාලයේදී ඒවා පෙන්වා ජනතාවට බිල්පත් ගෙවීමේදී ඇති වන ගැටළු පැහැදිලිවම ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණද කෙටි පණිවිඩ සේවාව හේතුවෙන් මේ වනවිට ජනතාවට එම තත්ත්වය අහිමි වී ඇති බවට චෝදනා එල්ල වේ.


කෙටි පණිවිඩ මගින් එවනු ලබන බිල්පත් ජනතාවට පැහැදිලිව තේරුම්ගත නොහැකි තත්ත්වයකද පවතින අතර ස්මාට් ජංගම දුරකතන නොමැතිව සාමාන්‍ය ජංගම දුරකතන භාවිතා කරන පුද්ගලයින් කෙටි පණිවිඩ තේරුම්ගත නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.


බිල්පත් නිසි පරිදි සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළද බොහෝ පාරිභෝගිකයින්ට හිඟ මුදල් පවතින බවට නව බිල්පත් හරහා දැනුම් දෙන අතර ඒ සම්බන්ධයෙන් විමසීමට යාමේදී ප්‍රතිව්‍යුහගත කරන ලද විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හිඟ මුදල් පිළිබඳව තමන්ට කරන්නට දෙයක් නැතැයි පවසමින් පාරිභෝගිකයින් නොසලකා හරිමින් කටයුතු කරන බවටද චෝදනා එල්ල වේ.


එසේම හිඟව පවතින සුළු මුදලකට පවා ජනතාවට තේරුම් ගත නොහැකි ආකාරයට විවිධ බදු අය කරමින් සිටින බවටද ජනතාව තවත් පැත්තකින් චෝදනා එල්ල කරති.


පාරිභෝගික ජනතාව⁣ගෙන් ලැබෙන මේ පැමිණිලි සැලකිල්ලට ගෙන පෙර මෙන් ජනතාවට මුද්‍රිත බිල්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා මෙන් ජනතාව වර්තමාන රජයෙන් ඉල්ලා

සිටිති.

 

More News..