ලෝකයේ ලොකුම ක්රිප්ටෝ මුදල් කොල්ලයේ සම්පූර්ණ කතාව
30 October 2026
ලෝකයේ ලොකුම ක්රිප්ටෝ මුදල් කොල්ලයේ සම්පූර්ණ කතාව
30 October 2026
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් සොරකම අද (30 )වාර්තා විය.
ඒ ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරුව වන "බයිනෑන්ස්" ඉතිහාසගත කොල්ලයකට ලක්වීමත් සමඟිනි.
ඒ අනුව බයිනෑන්ස් සතුව තිබූ ඇ.ඩො.බි. 6.3කට අධික ඩිජිටල් වත්කම් සොරකමකට ලක්වී තිබේ.
බයිනෑන්ස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ ලැප්ටොප් පරිගණකයක් හැකර්වරයෙකුට නිරාවරණයවීමෙන් මෙම සොරකම ආරම්භවී ඇති බව දැනට වාර්තාවී ඇත.
අනතුරුව බයිනෑන්ස් ජාලයේ තිබූ ආරක්ෂක හිඩැස් ඔස්සේ පද්ධතියට ඇතුළුවීමට හැකර්වරු සමත්වී තිබේ.
ඒ අනුව වහාම ක්රියාත්මක වූ බයිනෑන්ස් සමාගම ටෙදර් ඇතුළු අනෙකුත් ක්රිප්ටෝ මුදල් සමාගම් සමඟ එකතුවී ඇ.ඩො.බි. 3කට අධික ප්රමාණයක භාවිතය අවහිර කිරීමට පියවර ගත් බව වාර්තා විය.
එමෙන්ම සිය හුවමාරුව හරහා ක්රිප්ටෝ මුදල් ඉවත්කරගැනීම බයිනෑන්ස් ආයතනය මඟින් තාවකාලිකව අත්හිටවනු ලැබීය.
කෙසේවෙතත්, අනතුරුව බයිනෑන්ස් සමාගම ප්රකාශ කර ඇත්තේ තම පාරිභෝගිකයන්ගේ සියලුම තැන්පතු සුරක්ෂිත බවත්, පාරිභෝගිකයන්ට සිදුවූ සෑම පාඩුවක්ම සමාගම පියවන බවය.
ඒ සඳහා ඩොලර් බිලියන 6.3ක් දැනටමත් වෙන්කර ඇති බව එහි ප්රධාන විධායක නිලධාරී රිචඩ් ටෙන් ප්රකාශ කළේය.
දැනට අනාවරණ වි ඇති පරිදි මෙම හැකර් ප්රහාරය පිටුපස ට්රේඩර් ට්රෝටර් (TRADER TRAITOR) නමැති උතුරු කොරියානු හැකර්වරුන් පිරිසක් සිටින බව සඳහන්ය.
සයිබර් අවකාශයේ මූල්ය සොරකම් තුළින් ආදායම් උපයන බවට උතුරු කොරියාවට චෝදනා එල්ලවන්නේ වසර ගණනාවක සිටය.
පසුගිය කාලය තුළ සිදුවූ ක්රිප්ටෝ මුදල් වංචා සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ආයතන මෙන්ම අමෙරිකානු FBI ආයතනය උතුරු කොරියාවට චෝදනා කළේය.
කෙසේවෙතත් එම චෝදනා උතුරු කොරියාව විසින් ප්රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්ය වාර්තාවල දැක්වේ.
ඩිජිටල් වත්කම් මිලදී ගැනීමට, විකිණීමට සහ හුවමාරු කිරීමට පහසුකම් සලසන බයිනෑන්ස් සමාගමේ ලොවපුරා ලියාපදිංචි පරිශීලකයන් සංඛ්යාව මිලියන 335ක් පමණ වේ.
2025 වාර්ෂික වාර්තාවට අනුව එමඟින් පාලනය කරන ඩිජිටල් වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 162.8කි.
බයිනෑන්ස් සමාගමේ ක්රිප්ටෝ මුදල් සොරකම සමඟ ලොවපුරා ක්රිප්ටෝ මුදල් වෙළඳපොළේ මිලගණන් පහත වැටීමත් දක්නට ලැබිණි.
එහිදී බයිනෑන්ස් ක්රිප්ටෝ මුදල් අගය 5%කින් සහ ලොව ප්රධානතම ක්රිප්ටෝ මුදල් ඒකකය වන බිට්කොයින්හි අගය 3%කින් පමණ පහත වැටිණි.
බයිනෑන්ස් සම නිර්මාතෘ සහ හිටපු ප්රධාන විධායක චැන් පෙන් ෂාවෝ X අවකාශයේ සටහනක් පළ කරමින් සඳහන් කළේ සොරකමට ලක්වූ ක්රිප්ටෝ වත්කම් ආපසු අත්පත් කරගැනීම සඳහා නීතිමය බලධාරීන්, ක්රිප්ටෝ මුදල් නිකුත් කරන්නන්, බ්ලොක්චේන් බුද්ධිමය ආයතන සමඟ එක්ව කටයුතු කරන බවය.

