brand logo
logo
සාම සාකච්ඡා සඳහා අමෙරිකානු‍ නියෝජිතයින් හෙට පාකිස්තානයට

සාම සාකච්ඡා සඳහා අමෙරිකානු‍ නියෝජිතයින් හෙට පාකිස්තානයට

19 April 2026

ඉරානය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු නියෝජිතයින් හෙට (20) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (19) තහවුරු කළේය.


කෙසේ නමුත් ඔහු සිය නියෝජිතයන්ගේ සහභාගිත්වය තහවුරු කරමින් පවසා සිටියේ, හෝමූස් වසා දමා ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවය. 

සිය 'Truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි ට්‍රම්ප් ජනාධිපතිවරයා,

"හෝමූස් සමුද්‍ර සන්ධියේදී වෙඩිතැබීම් සිදුකිරීමට ඉරානය තීරණය කළා. එය සටන්විරාම ගිවිසුම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රංශ නෞකාවක් සහ එක්සත් රාජධානියේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කර ගත්තා.

ඒක සුදුසු නෑ. කෙසේ නමුත් මගේ නියෝජිතයන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත යනවා. ඔවුන් හෙට සවස සාකච්ඡා සඳහා එක්වනු ඇත.

හෝමූස් වසා දමා ඉරානය නොදැනුවත්ව අපට උදව් කරනවා. අමෙරිකාවට කිසිවක් අහිමි වන්නේ නෑ. දිනකට ඩොලර් මිලියන 500ක් අහිමි වන්නේ ඔවුන්ට.

නාවික ගමනාන්ත වෙනස් වෙමින් පවතිනවා. බොහෝ නැව් දැන් අමෙරිකාව, ටෙක්සාස්, ලුසියානා සහ ඇලස්කාව වෙත යමින් සිටින්නේ.

ඉරානය ඉක්මනින් කඩා වැටෙනු ඇත. ඔවුන් ගනුදෙනුව නොගන්නේ නම්, පසුගිය වසර 47 තුළ අනෙකුත් ජනාධිපතිවරු ඉරානයට කළ යුතුව තිබූ දේ මට කිරීමට සිදුවනු ඇත. එහි ගෞරවය මට ලැබෙනු ඇත" යනුවෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි දක්වා තිබුණි.

 

More News..