ෆේස්බුකියෙන් රු. 8000කට සොයා දුන් මනාලිය තත්පරෙන් කට් වෙයි
14 October 2026 | සහම්පති මානගේ - තංගල්ල
ෆේස්බුකියෙන් රු. 8000කට සොයා දුන් මනාලිය තත්පරෙන් කට් වෙයි
14 October 2026 | සහම්පති මානගේ - තංගල්ල
මනාල, මනාලියන් සොයාදෙන බවට රවටා මුදල් වංචා කළ බව කියන ෆේස්බුක් සමාජ මාධ්ය ගිණුමකට එරෙහිව බෙලිඅත්තේ පුද්ගලයෙක් බෙලිඅත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
බෙලිඅත්තේ පදිංචි 30 හැවිරිදි ව්යාපාරිකයෙක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. මනාල මනාලියන් සොයාදෙන බව කියන ෆේස්බුක් සමාජ මාධ්ය ගිණුමක් සමග මෙම පුද්ගලයා අදහස් හුවමාරු කරගෙන තිබිණි. මනාලියක් සොයා දීමට නම් මනාලයාගේ රුපියල් අටදහසක තැන්පතුවක් අවශ්ය බවත් මනාලියගේ පාර්ශ්වයෙන් රුපියල් හාරදහසක මුදලක් අවශ්ය බවත් දෙපාර්ශ්වයට දන්වා ඇත. පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා මනාලියක සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් රුපියල් අටදහසක මුදලක් සැකකරුවන්ගේ බැංකු ගිණුමකට බැර කිරීමෙන් අනතුරුව ඔවුන් කාන්තාවකගේ ජංගම දුරකථන අංකයක් ලබා දී ඇත.
අදාළ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගත් විට කාන්තාවක් ඇමතුමට පිලිතුරු දී ඇති අතර තත්පර කිහිපයකට පමණක් ඇමතුම සීමා වී තිබිණි. ඉන් අනතුරුව කිහිප වාරයක් එම අංකයට දුරකථන අංකයට ඇමතුම් ගත්තද ඉන් ප්රතිචාරයක් ලැබී නොමැති නිසා මේ සම්බන්ධයෙන් දැනුම් දීමට අදාළ ෆේස්බුක් ගිණුමේ හිමිකරුවන්ට දුරකථන ඇමතුම් ගත්තද ඔවුන්ද එම ඇමතුම් මඟහැර තිබිණි. මේ හේතුවෙන් එම පුද්ගලයා අදාළ ෆේස්බුක් සමාජ මාධ්ය ගිණුමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

