ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
24 September 2026
ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
24 September 2026
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අදාළ සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව යටතේය.
ඇය අවස්ථා තුනකදී අදාළ මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
සැකකාරිය අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

