Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකා - අමෙරිකා සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

ශ්‍රී ලංකා - අමෙරිකා සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

17 November 2026

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතිගරු එරික් මේයර් මහතා අතර හමුවක් අද (17) පැවැත්විණි.


මෙහිදී ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කරගත් දෙපාර්ශ්වය, වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ දෙරටේ ජනතාව අතර සබඳතා ඇතුළු දෙපාර්ශ්වයටම වැදගත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කළහ.


වසර ගණනාවක් පුරා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය කෘතඥතාව පළ කළේය.


දෙරට අතර පවතින මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් ඵලදායී සංවාදයක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය යළිත් අවධාරණය කළහ.

 

More News..