දිවයින පුරා මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 පනී
29 August 2026
දිවයින පුරා මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 පනී
29 August 2026
දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ මෙහෙයුමට අදාළව 2025 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා සමස්ත වැටලීම් 261,375ක් සිදු කර ඇති අතර එහිදී සැකකරුවන් 260,660දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1,025දෙනෙකු සහ රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් 3,427දෙනෙකු සිටින බව ද සඳහන්.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 2,399දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති අතර සැකකරුවන් 406දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
මෙම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2,263.547ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,683.079ක්, ගංජා කිලෝග්‍රෑම් 9,483.301ක් සහ ගංජා පැළ 15,236,403ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
එමෙන්ම කොකේන් කිලෝග්‍රෑම් 293.862ක්, කුෂ් කිලෝග්‍රෑම් 1,657.530ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 397.729ක්, මෙතඩෝන් කිලෝග්‍රෑම් 1,188.317ක්, මාවා කිලෝග්‍රෑම් 450.117ක් සහ මත්පෙති 4,478,274ක් ද ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇත.
මේ අතර 2024 සැප්තැම්බර් 23 වන දින සිට දක්වා ඇති වාර්තාවන්ට අනුව හෙරොයින් වැටලීම් 166,114කදී සැකකරුවන් 165,974දෙනෙකු හා ගංජා වැටලීම් 148,964කදී සැකකරුවන් 147,696දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 197,770කදී සැකකරුවන් 198,050 දෙනෙකු ද, කොකේන් වැටලීම් 307කදී සැකකරුවන් 307දෙනෙකු, කුෂ් සහ හෂීෂ් වැටලීම් 7,470කදී සැකකරුවන් 7,376දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.

