brand logo
logo
අවුරුදු උත්සවය මුවාවෙන් මහා පරිමාණ මුදල් වංචාවක්

අවුරුදු උත්සවය මුවාවෙන් මහා පරිමාණ මුදල් වංචාවක්

02 April 2024 | සුනිල් පියතිලක - කුරුවිට


අලුත් අවුරුද්ද වෙනුවෙන් රත්නපුර පොලිසිය මගින් සංවිධානය කිරීමට නියමිත යැයි පැවසෙන අලුත් අවුරුදු උත්සවයකට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේද නමක් ඈඳා ගනිමින් රත්නපුර නගරයේ හා ආසන්න ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන්ගෙන් හා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීමේ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සමන්දෙවි අඩවිය සංවිධානයේ සභාපති ජී.ජී.කේ. නිහාල් යන අය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත හා රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ද අනු දැනුම මත පාලන අංශයේ පොලිස් පරීක්ෂකවරයකු විසින් ආරම්භ කර ඇති බව කියන මෙම ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන ලෙස ද පැමිණිල්ලෙන් ඉල්ලීමක් කර ඇත.


පොලිසියේ නම විකුණමින් වසර කිහිපයක සිට මෙම මුදල් වංචාව මහා පරිමාණයෙන් සිදුකරගෙන එන බවත් මෙම පැමිණිල්ලේ සඳහන් වේ.


මෙමගින් පැමිණිලිකරු පොලිස්පතිවරයාගෙන් හා රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පොලිසියේ කීර්තිනාමයට හානි කරමින් සිදුකරන මෙම මුදල් වංචාව පිළිබඳව සොයාබලා එම වංචාවන්ට සම්බන්ධ නිලධාරීන්ට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

 

More News..