කහවදී ව්‍යර්ථ වූ වෙඩිල්ල
21 September 2026
කහවදී ව්‍යර්ථ වූ වෙඩිල්ල
21 September 2026
අම්බන්ගොඩ - කහව ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන යතුරපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සහ කර ඇති බව පොලිසිය පවසයි.
අද (21) දහවල් තමන්ට පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමට පැමිණි බවත් එය දුටු තමන් එම ස්ථානයෙන් පළා ගිය බවත් ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත.
ඒ හේතුවෙන් වෙඩිතැබීමේ උත්සහාය අසාර්ථකවී ඇති අතර වෙඩික්කරුවන් එම පුද්ගලයා පසුපස හඹාගොස් තිබුණ ද එම පුද්ගලයා පලා ගිය මාර්ගය ඔවුන්ට සොයාගැනීමට නොහැකිවී තිබේ.
වෙඩි තැබීමට ඉලක්ක වූ පුද්ගලයා මීටියාගොඩ ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප ලබා පැමිණි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

