දෙමටගොඩ වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට
17 September 2026
දෙමටගොඩ වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට
17 September 2026
දෙමටගොඩ කළුපාලම තුළදී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඔහු මිය ගොස් ඇති බවය.
සිය ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර, ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.
වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත
.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

