ධාරානිපාත වර්ෂාව නිසා අකුරණ නගරය යටවෙයි-වෙළෙඳසැල්වලටත් හානි
25 November 2026
ධාරානිපාත වර්ෂාව නිසා අකුරණ නගරය යටවෙයි-වෙළෙඳසැල්වලටත් හානි
25 November 2026
මධ්‍යම කඳුකරයට අද (25) පස්වරුවේ සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව නිසා, මහනුවර - යාපනය (A09) ප්‍රධාන මාර්ගයේ පිහිටි අකුරණ නගරය ජලයෙන් යටවී ඇත.
අද සවස 6.00ට පමණ නගරය මෙලෙස ජලයෙන් යටවූ අතර, ඒ හේතුවෙන් A09 මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා පැමිණ තිබිණි.
මෙම ජල ගැලීමත් සමඟ නගරයේ වෙළෙඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළට ද ජලය ගලා ඒම හේතුවෙන් දේපළවලට අලාභහානි සිදුව ඇති බව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ පවසති.


