brand logo
logo
ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය

ඛනිජ තෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය

17 September 2026

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.


වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇත.


2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ සකස් කර ඇති අදාළ නියෝගය, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු 2026 ජූලි 16 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.


ඒ අනුව හඳුනාගත් බිම් කොටස් එකක් හෝ කිහිපයක් තුළ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට, අදාළ ලංසු කැඳවීමේ සඳහන් පරිපාලන ගාස්තු ගෙවා ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.


රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

More News..