brand logo
logo
 සෑම පළාතකම අල්ලස් කොමිසමක් පිහිටුවීමට රජයේ තීරණයක්

සෑම පළාතකම අල්ලස් කොමිසමක් පිහිටුවීමට රජයේ තීරණයක්

11 October 2026


දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව, ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


අද (11) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක් වෙමින් ජනාධිපතිවරා මේ බව පැවසීය.


එලෙසම නිලධාරීන් 900කට වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමට අවසර ලබා දී ඇති බවද ජනපති මෙහිදී පැවසීය.


මේ අතර, වර්තමානය වන විට ලංකාව තුළ වංචාව සහ දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවත්, රාජ්‍ය සේවය තුළ සිදුවන එවැනි නීතිවිරෝධී ක්‍රියා සඳහා දැඩි දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.


 

 

More News..