brand logo
logo
හිනිදුම ත්‍රිත්ව ඝාතනය කරන්දෙණියේ සුද්දගේ වැඩක්

හිනිදුම ත්‍රිත්ව ඝාතනය කරන්දෙණියේ සුද්දගේ වැඩක්

03 February 2025 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා / තුෂාර සම්පත් ජයරත්න •රවීන්ද්‍ර චන්ද්‍රලාල්-හිනිදුම


හිනිදුම පනාගල ප්‍රදේශයේ අවන්හලක් තුළදී එහි හිමිකරු ඇතුළු තිදෙනකු ඝාතනය කර ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල නායකයකු වන කරන්දෙණිය සුද්දා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව අනාවරණය වෙමින් ඇතැයි විමර්ශන කණ්ඩායම් පවසයි.


ඝාතනයට ලක්වූ අවන්හල් හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇති බවත්, ඔහුට කරන්දෙණිය සුද්දා විසින් අවස්ථා කිහිපයකදීම අනතුරු හඟවා ඇති බවත් හෙළිවී ඇත.


පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දනය සහ බුද්ධි අංශ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රියට ඔත්තු දුන් බව කියමින් කරන්දෙණිය සුද්දා අවස්ථා කිහිපයකදීම අවන්හල් හිමිකරුට බැණවැදී ඇති බවත් හෙළිවී තිබේ.මෙම ඝාතනය විදෙස් ගතවීම සඳහා මුදල් ලබාදීම නිසා ඇතිවූ ගනුදෙනුවක් මත සිදුවූවක් බවට මුලින් කියවුණද එම මුදල් ලබාදුන් හා ලබාගත් බව කියන දෙදෙනාම මියගිය අය අතර සිටින බව විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු හිනිදුම ප්‍රාදේශීය සභාවේ හිටපු මහජන නියෝජිතයෙක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

More News..