brand logo
logo
නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් - කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් - කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

11 September 2026

දෙහිවල, කවුඩාන සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.


පොලීසිය පැවසුවේ අද (11) අලුයම මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කරන අවස්ථාවේදී දස හැවිරිදි දරුවා මියගොස් ඇති බව සඳහන් වේ.

අනෙක් 14 හැවිරිදි දරුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.


දරුවන්ගේ පියා වන 52 හැවිරිදි පුද්ගලයා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

 

More News..