brand logo
logo
ඉතාලියේ දැවැන්ත වැඩ වර්ජනයක්

ඉතාලියේ දැවැන්ත වැඩ වර්ජනයක්

31 October 2026


වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩ වර්ජනය අතරතුර ඉතාලියේ ප්‍රදේශ රැසක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉහළ වැටුප් හා ශක්තිමත් රාජ්‍ය සේවාවක් මෙන්ම ඉහළ යන ජීවන වියදමට එරෙහිව මෙම විරෝධතා පැවැත්වෙන බවය.


ඉතාලියේ නගර 40ක සංවිධානය කර තිබූ විරෝධතාවලට දස දහස් ගණනක ජනතාව සහභාගී වී ඇති අතර සිසුන් හා කම්කරුවන් ප්‍රධාන වශයෙන් විරෝධතා සඳහා එක්ව සිටි බව සඳහන්.


පසුගිව දිනවල අවස්ථා කිහිපයක ඉතාලියේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධානය කර තිබූ අතර, එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයන්ද හටගෙන තිබුණි.

 

 

More News..