brand logo
logo
මට්ටක්කුලිය පාලම අසල වෙඩිතැබීමක්

මට්ටක්කුලිය පාලම අසල වෙඩිතැබීමක්

23 July 2026

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම අසල පිහිටි උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.


කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.


සිද්ධියෙන් සිදු වූ ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, වත්තල පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

More News..