විදුලි බෙදාහැරීමේ කාර්යයන් දැන් EDL වෙතින්
09 March 2026
විදුලි බෙදාහැරීමේ කාර්යයන් දැන් EDL වෙතින්
09 March 2026
2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන්හි වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා ඇත.
විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ ක්‍රියාත්මක කිරීමට EDL සමාගම වෙත බලය පවරා තිබේ.
එමගින් මහජනතාව සමඟ වඩාත් සමීප වූ සහ පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කරනු ඇති බව සඳහන් වේ.

