Best News Website award
brand logo
logo
 එල්නිනෝ බලපෑම ලබන වසරේ අප්‍රේල් දක්වා – ජනවාරියේ සිට වැසි අඩුවීමක්

එල්නිනෝ බලපෑම ලබන වසරේ අප්‍රේල් දක්වා – ජනවාරියේ සිට වැසි අඩුවීමක්

29 November 2026



පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට එල්නිනෝ සංසිද්ධිය ඍජුවම බලපා ඇති බවත්, වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.


අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඊසානදිග මෝසම් සෘතුවත් සමඟ එල්නිනෝ බලපෑමේ ස්වභාවය වෙනස් වන බවයි.


ඒ අනුව, 2027 ජනවාරි මස ආරම්භයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවත්, එය එල්නිනෝ සංසිද්ධියේ සාමාන්‍ය ස්වභාවය බවත් ඔහු පෙන්වා දුන්නේය.


එමෙන්ම, මෙම වසරේ දෙසැම්බර් මස මැද භාගය දක්වා දැනට පවතින වැඩි වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි අතර, ඉන් පසුව ක්‍රමයෙන් වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.


පවතින අනාවැකිවලට අනුව එල්නිනෝ බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇතැයි අනුමාන කෙරෙන බවත්, එම කාලසීමාව පුරාම ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..