brand logo
logo
අමෙරිකාවට ලකුණු 162ක ඉලක්කයක්

අමෙරිකාවට ලකුණු 162ක ඉලක්කයක්

07 February 2026

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායමට ලකුණු 162ක ඉලක්කයක් හිමිව තිබේ. 


තරගයේ කාසියේ වාසිය දිනූ අමෙරිකානු කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09 දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 162කි.


එහිදී සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 84ක් සහ තිලක් වර්මා ලකුණු 25ක් ලබාගත්තහ.


අබිශේක් ශර්මා, රින්කු සිං, ශිවම් ඩියුබ් සහ හර්දික් පාණ්ඩ්‍යා යන ක්‍රීඩකයින් ලකුණු 10කට අඩුවෙන් දැවී ගියහ. 

පන්දුයැවීමේදී Shadley van Schalkwyk කඩුලු තුනක් බිඳහෙළුවේය. 


තරගයට පැවැත්වෙන්නේ, ඉන්දියාවේ වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

 

More News..