හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
10 June 2026
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
10 June 2026
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) ප.ව. 7සිට අනිද්දා 12 පෙ.ව 7.00 දක්වා පැය 12.00ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවීම බලපාන ප්‍රදේශ වන්නේ,
ඇල්දෙණි, ගෝනහේන, වෑබඩ, සූරිය පාළුව, උඩුපිළ යන මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම්
පරකන්දෙණිය, කොස්සින්න, ඇබ රළුව, ඉඹුල්ගොඩ හා යාගොඩ යන ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම්

