ඥානසාර හිමිට සමාව දෙන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි
16 October 2026
ඥානසාර හිමිට සමාව දෙන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි
16 October 2026
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු අතර, එහිදී මහානායක හිමියන් ප්රකාශ කළේ සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි.
එහිදී නාහිමියෝ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ ඥානසාර හිමියන් හට නිදහස ලබාදීමට ක්රමවේදයක් ඇත්ද යනුවෙනි.
ඊට පිළිතුරු ලබාදෙමින් ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්රකාශ කළේය.
ඉන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටුවේය.
එහිදී මෙහිදී මල්වතු මහා නාහිමියෝ සඳහන් කළේ, යම් චෝදනා මත භික්ෂූන් වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත හෝ සිරගත කරන්නේ නම් ඒ සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණද එම සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බව ද උන්වහන්සේ ප්රකාශ කළේය.
භික්ෂූන් වහන්සේ රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක් සකසා එහිදී උන්වහන්සේලාට ආගමික කටයුතු කිසිදු කිරීමේ නිදහස ලබා දිය යුතු බවද යහපත් ආකාරයෙන් සැලකිය යුතු බව ද නාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

