brand logo
logo
සලේගේ පෙත්සමට අදාළව අධිකරණයෙන් තීන්දුවක්

සලේගේ පෙත්සමට අදාළව අධිකරණයෙන් තීන්දුවක්

25 August 2026

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරනවාද නැද්ද ගැන නියෝගය ඔක්තෝම්බර් මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාදීකරණය නිවේදනය කළේය.


එම අතරමැදි පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාදීකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.


පූජ්‍ය බෙන්ගම්බුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව දොළහක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

 

 

More News..