brand logo
logo
 Singhagiri ප්‍රාර්ථනා 2026 ළමා දින සත්කාරය තිළිණගම කන්නන්ගර ප්‍රාථමික විදුහලේදී

Singhagiri ප්‍රාර්ථනා 2026 ළමා දින සත්කාරය තිළිණගම කන්නන්ගර ප්‍රාථමික විදුහලේදී

05 October 2026


"Singhagiri ප්‍රාර්ථනා 2026" ලෝක ළමා දින වැඩසටහන මෙවර මීරිගම, තිළිණගම කන්නන්ගර ප්‍රාථමික විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ඔක්තෝබර් 1 වනදා සාර්ථකව පැවැත්විණි. 


දශක 5 කට අධික කාලයක් පුරා පාරිභෝගික ආදරය සහ විශ්වාසය නිබඳව දිනාගත්, ප්‍රමුඛ පෙළේ සන්නාමයන්හි ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවිකරණයේ නොමැකෙන නාමයක් වන Singhagiri ආයතනය සිය සමාජ සත්කාරක ව්‍යාපෘති මාලාවේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස මෙය සංවිධාන කර තිබුණි. 


දැයේ අනාගතය භාරගන්නා දරුදැරියන්ට වර්තමානයේ දියුණු වන තාක්ෂණය සමඟ අත්වැල් බැඳගනිමින් සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය Skyworth අඟල් 65 ක ස්මාර්ට් පුවරුවක් (Smartboard) පාසල වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය. 


ඊට අමතරව දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පිරිනැමීමට මෙන්ම, ඔවුන් සමඟ ආදරණීයව කාලය ගත කරමින් සුහද පිළිසඳරක යෙදීමටද Singhagiri ආයතනය කටයුතු කළේය. 


Singhagiri ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ද, විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයද මෙම සුවිශේෂී අවස්ථාව සමඟින් එක්ව සිටියහ.


 

More News..