brand logo
logo
ත්‍රිරෝද රථයක් ප්‍රපාතකයට පෙරළෙයි

ත්‍රිරෝද රථයක් ප්‍රපාතකයට පෙරළෙයි

19 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්

බගවන්තලාවේ සිට හැටන් දක්වා අධික ‍වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් නෝර්වුඩ් සෙන්ජෝන් ඩිලරි වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතකයට පෙරලි‍ තිබේ.


අද උදෑසන 10:00ට පමණ මෙම අන‍තුර සිදු වි ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයෙ ගමන් ගත් දෙදෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුලත් කල බව නෝර්වුඩ් පොලිසියේ නිලධාරීයකු පැවසීය.


අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ත්‍රිරෝද රථයටද දැඩි අල‍ාභ හානි සිදු වී ඇති බවත් බගවන්තලාවේ පොලිස් නිලධාරියකු කියා සිටියේ ය.

 

More News..