සුදු කැකුළු සහල් බාස්මතී කරලා
25 January 2023 | එෆ්. අස්ලම් / දිනේන්ද්‍ර රන්සිරි
සුදු කැකුළු සහල් බාස්මතී කරලා
25 January 2023 | එෆ්. අස්ලම් / දිනේන්ද්‍ර රන්සිරි
පාකිස්තානයෙන් ආනයනය කළ සුදු කැකුළු සහල් වෙනත් ඇසුරුම්වලට දමා බාස්මතී සහල් ලෙස අලෙවි කරන වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීහු ඊයේ (24) කටයුතු කළහ.
මෙම සුදු කැකැළු සහල් බාස්මතී සහල්වල හැඩයට සමාන වීම නිසා ඒවා කිලෝ 50 සහ 25 ඇසුරුම්වල දමමින් බාස්මතී සහල් ලෙස වැඩි මිලට අලෙවි කර තිබෙන බවද අනාවරණය වී ඇත.
සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 175ක් පමණ වන අතර ඒවා බාස්මතී ලෙස සඳහන් කර වෙළෙඳපොළට අලෙවි කර ඇත්තේ කිලෝවක් රුපියල් 480ත් 500ත් අතර මිලකටය.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වැටලීම් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් බාස්මතී සහල් බව සඳහන් සහල් අඩංගු කිලෝ 25 මලු 980ක් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බව සඳහන් කිලෝ 50 සහල් මලු 326ක් සොයාගෙන තිබිණි.