ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
29 September 2026
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
29 September 2026
රජයට රුපියල් කෝටි 158කට අධික මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන) අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කළ සමයේ, තමන්ගේ නිල බලය අයුතු ලෙස යොදාගනිමින් ආයතනික ලිපි ශීර්ෂ භාවිත කරමින් විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ වාර්තාවක් නිකුත් කර ඇති බව සඳහන් වේ.
එම විමර්ශන වාර්තාව මගින් බොරැල්ල, එලියට් පාරේ වරිපනම් අංක 30 හි පිහිටි හෙක්ටයාර් 1.0982ක ප්‍රමාණයෙන් යුතු, වෙෙළඳපල වටිනාකම රුපියල් 1,586,000,000/ක් (රුපියල් එකසිය පනස් අටකෝටි හැට ලක්ෂයක්) වන රජයේ ඉඩම පෞද්ගලික පාර්ශවයකට අයත් ඉඩමක් ලෙස ඒත්තු ගන්වා ඇත.
මේ හරහා රජයට දැවැන්ත පාඩුවක් සිදු කරමින් වෙනත් පාර්ශවයකට අනිසි වාසියක් සැලසීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

