විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාව සකස් කිරීම ඇරඹෙයි
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාව සකස් කිරීම ඇරඹෙයි
26 July 2026
විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව, අදාළ කැබිනට් පත්‍රකාව සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට මේ වන විට කතාබහක් ඇති වී තිබේ.
ඒ සම්බන්ධයෙන් 'අද දෙරණ' අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කරන ලෙස තමන් වෙත උපදෙස් ලැබී ඇති බවයි.
මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූවහෝත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
"සාමාන්‍යයෙන් ඕනෑම නඩුවක් උසාවිවල සැළකිය යුතු කාලයක් ඇදෙමින් පවතිනවා. මේකට කරුණු කාරණා හොයාගෙන යනකොට අපේ උසාවි පද්ධතිය පුළුල් විය යුතුයි. සමහර අධිකරණයන් සංඛ්‍යාත්මකව වැඩි වෙන්නට ඕනි.මේ අතර අධිකරණ තීන්දු ලබාදෙන විනිශ්චයකාරවරුන් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි කියන පොදු අදහසත් සමාජයේ පවතිනවා. රජය අලුතින් විනිශ්චයකාරවරු බඳවා ගැනීමට කටයුතු කරනවා. මේ අතර ක්ෂේත්‍රයේම ඉල්ලීමක් තියෙනවා.විනිශ්චයවරුන්ගේ විශ්‍රාම වසය දීර්ඝ කරන්න කියලා. මීට කලින් අධිකරණය හා අභියාචනාධිකරණය විනිශ්චයකාරවරුන් ප්‍රමාණය වැඩි කලා. සාමාන්‍යයෙන් ප්‍රමාණය වැඩි කරනකොටම වයස් සීමාවත් වැඩි කරනවා එවැනි අවස්ථාවකදී ඒ දේ සිදුකරලා තිබුණෙත් නෑ."

