ප්‍රධාන ජලාශ 6ක් සහ මධ්‍යම ජලාශ 2ක් වාන් දමයි
10 October 2026
ප්‍රධාන ජලාශ 6ක් සහ මධ්‍යම ජලාශ 2ක් වාන් දමයි
10 October 2026
ප්‍රධාන ජලාශ හයක් සහ මාධ්‍යම ප්‍රමාණයේ ජලාශ දෙකක් මේ වනවිට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ජලාශවල ජල මට්ටම් පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
ප්‍රධාන ජලාශ අතුරින් අඹේවෙල, කන්දේ ඇළ, යාන් ඔය, රාජංගනය, දැදුරු ඔය සහ වාන් ඇල මෙලෙස වාන් දමන බව සඳහන්ය.
ඒ අනුව රාජංගනය ජලාශයේ අඩි පහ බැගින් වාන් දොරටු 2ක් ද අඩි හතර බැගින් වාන් දොරටු 2ක් ද අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක් ද විවෘත කර ඇත.
එම ජලාශයෙන් කලා ඔයට තත්ත්පරයට ඝන අඩි 5365ක ජලය ප්‍රමාණයක් නිකුත් කෙරේ.
දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 2800ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම ජලාශයේ අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව සඳහන්ය.
මධ්‍යම ජලාශ අතුරින් බෝමුරඇල්ල සහ දෙනගම වැව වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

