Best News Website award
brand logo
logo
අනුරාධපුර නගර සැලැස්ම ගැන දැනුම්දීමට හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි

අනුරාධපුර නගර සැලැස්ම ගැන දැනුම්දීමට හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි

15 November 2026


අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳ දැනුවත්කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට(16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.


බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව සඳහා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.


අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් සිදුවන අතර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.


ඒ අනුව අදාළ අනුරාධපුර නගරසැලැස්ම පිළිබඳව මෙලෙස මාධ්‍ය දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

 

More News..