brand logo
logo
 දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් 18ක් අත්අඩංගුවට

දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් 18ක් අත්අඩංගුවට

30 May 2026


රුපියල් තුන් කෝටි දහතුන් ලක්ෂ අසූ දහසක විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන හා ශ්‍රී ලාංකික ගුවන් මගීන් 18 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.


ඩුබායි සහ මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක සිටි අදාළ සැකකරුවන් හරිත මාවත ඔස්සේ දුම්වැටි තොගය පිටත් කිරීමට උත්සහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


මොවුන් අතර චීන ජාතිකයින් 16 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් සියලුම දෙනාම ව්‍යාපාරිකයින් බව වාර්තා වෙයි.


සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු 27ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 209,200ක් අඩංගු කාටූන් 1046ක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..