'රයිසින් ස්ටාර්ස්' ආසියානු කුසලාන නායකත්වයේ වගකීම පවන්ට
12 November 2026
'රයිසින් ස්ටාර්ස්' ආසියානු කුසලාන නායකත්වයේ වගකීම පවන්ට
12 November 2026
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 'රයිසින් ස්ටාර්ස්' ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම ඊයේ (11 වැනිදා) නිවේදනය කෙරුණු අතර කණ්ඩායමේ නායකත්වය පවන් රත්නායක හට හිමිව ඇත.
ශ්‍රී ලංකා සංචිතයට පවන්ට අමතරව ජාත්‍යන්තර අත්දැකීම් බහුල කීඩකයන් ලෙස ජනිත් ලියනගේ සහ නිශාන් මධුෂ්ක එක්වන අතර නවක සහ යොවුන් ක්‍රීඩකයන්ගෙන් සංචිතය සමන්විත වේ. එක්දින ආකෘතියෙන් පැවැත්වෙන තරගාවලිය සඳහා කටාර් සත්කාරකත්වය දරනු ලැබේ. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 'ඒ' කාණ්ඩයෙන් තරග කරන අතර බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන 'ඒ' කණ්ඩායම් මෙන්ම හොංකොං එම කාණ්ඩයට ඇතුළත් වේ. ඉන්දීය හා පාකිස්තාන 'ඒ' කණ්ඩායම් සමගින් නේපාල සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් 'බී' කාණ්ඩයට අයත් වෙති.
එළැඹෙන 19 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 16 වැනිදා මෙරටින් පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මධුෂ්ක, නිපුන් ධනංජය, චාමික හීනටිගල, ජනිත් ලියනගේ, ශාරුජන් ෂන්මුගනාදන්, රවිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, වනුජ සහන්, දුලාජ් සමුදිත, දුවිඳු රණතුංග, ලහිරු සමරකෝන්, ගරුක සංකේත


