brand logo
logo
ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාර

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාර

05 September 2026

ඉරානයේ තෙල් නෞකාවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.


ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර නැවේ සිටි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


කෙසේ වෙතත්, මේ පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර අමෙරිකානු මධ්‍යම බලකායද අදහස් දැක්වීමෙන් වැළකී සිටී.


පසුගිය අගෝස්තු 31වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඛාර්ග් දූපත විනාශ වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, ඛාර්ග් දූපතට ප්‍රහාරයක් එල්ල වුවහොත් දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවට ඉරානය මීට පෙර අනතුරු අඟවා තිබුණි.


හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමත් සමඟ ඇමරිකාව විසින් ඉරාන වරායන් වෙත නාවික බාධා කිරීම් ආරම්භ කළේය.


මෙම තත්ත්වය හමුවේ, ඉරානය තම බොරතෙල් අපනයනයෙන් 90%ක් සිදු කළ ඛාර්ග් දූපත ආශ්‍රිත තෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ ඉරාන ආර්ථිකයට සහ තෙල් කර්මාන්තයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

More News..