brand logo
logo
 වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

30 July 2026



2026 ජූලි මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.


ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000ක මුදලක් වෙන් කර තිබේ.


එමෙන්ම, එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 77,324 දෙනෙකු සඳහා රුපියල් 386,620,000ක මුදලක් බැර කිරීමට නියමිතය.


ඒ අනුව, ප්‍රතිලාභීන් 698,962 දෙනෙකු සඳහා ගෙවීමට නියමිත සමස්ත මුදල රුපියල් 3,494,810,000කි.


අදාළ ප්‍රතිලාභීන්ට හෙට සිට තම වැඩිහිටි දීමනා අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගත හැකිය.

 

More News..