brand logo
logo
විගණකාධිපති පුටුව හිස්වීමෙන් මූල්‍ය අර්බුද රැසක්

විගණකාධිපති පුටුව හිස්වීමෙන් මූල්‍ය අර්බුද රැසක්

07 January 2026 | ශිරාන් රණසිංහ

මාසයකට ආසන්න කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම පුරප්පාඩුව තිබෙන විගණකාධිපති තනතුරට කිසිවෙක් පත් නොකිරීම හේතුවෙන් විගණන කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ට මෙම මස වැටුප් ගෙවීම් ඇතුළු මූල්‍ය කටයුතු බරපතළ ලෙස අර්බුදයකට ගොස් ඇතැයි එම කාර්යාලය පවසයි.


නව වසරට අදාළව මූල්‍ය බලතල බෙදීමට නම් ආයතන ප්‍රධානියෙක් සිටිය යුතු බවත් ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානියා වන විගණකාධිපති නොමැති නිසා ආයතනයේ මෝටර් රථවලට ඉන්ධන නිකුත් කිරීමේ සිට ගැටලු ගණනාවක් පැන නැගී ඇති බව කියමින් නියෝජ්‍ය විගණකාධිපති (පාලන) ඕෂාන් ප්‍රනාන්දු විසින් ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ බලධාරීන් වෙත ලිපි කිහිපයක් ද යොමු කර ඇත.


ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් ජාතික විගණන කාර්යාලය ඊයේත් (06) ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.


ජාතික විගණන කාර්යාලය තුළ විගණන නිලධාරීන් ඇතුළු සේවකයන් 2000 ක් පමණ සේවය කරන අතර ජනවාරි මස වැටුප ගෙවීමත් අර්බුදයකට ගොස් ඇති අතර වාහන 30 කට ඉන්ධන නිකුත් කිරීම ද අර්බුදයකට ගොස් ඇතැයි එම කාර්යාලය කියයි.

 

More News..