brand logo
logo
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ වැදගත් සන්ධිස්ථාන සැමරීමට සූදානමක්

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ වැදගත් සන්ධිස්ථාන සැමරීමට සූදානමක්

10 October 2026

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං මහතා අතර හමුවක් පැවැත්විණි.


මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව, 2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය මෙන්ම 'රබර් -සහල්' ගිවිසුමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා වන සූදානම සාකච්ඡා කර ඇත.


මෙම සංවත්සරයන් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය අගය කිරීමටත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් වැදගත් අවස්ථාවක් වනු ඇති බව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයකට ලක්ව තිබේ.

 

More News..