කුසලතා සංවර්ධනයේ නව මානයන් සොයායන TVS ලංකා නවතම දැනුම් මධ්‍යස්ථානය රාගමට
17 November 2026
කුසලතා සංවර්ධනයේ නව මානයන් සොයායන TVS ලංකා නවතම දැනුම් මධ්‍යස්ථානය රාගමට
17 November 2026
TVS ලංකා සිය දෙවන දැනුම් මධ්‍යස්ථානය (Knowledge Center) පසුගියදා රාගම නගරයේදී විවෘත කළේය. මෙම දැනුම් මධ්‍යස්ථානය හරහා යතුරුපැදි හා ත්‍රීරෝද රථ කාර්මිකයන්ට මෙන්ම නියෝජිත ආයතන සේවකයන්ට, පාසැල් අධ්‍යාපනය නිමා කළ තරුණ ප්‍රජාව වෙතද මෙම නව මධ්‍යස්ථානය හරහා වෘත්තීය දොරටුව විවර වනු ඇත. මේ හරහා මසකට පුහුණු වැඩසටහන් 20කට වැඩි ප්‍රමාණයක් ඔස්සේ පුද්ගලයන් 450 ට වඩා වැඩි පිරිසකට තාක්ෂණික හා කාර්මික දැනුම ප්‍රධානය කිරීමට TVS ලංකා සැදී පැහැදී සිටී.
දිනෙන් දින වර්ධනය වන ත්‍රීරෝද රථ හා යතුරුපැදි ඉල්ලුමට සරිලන අලෙවියෙන් පසු සේවාව හා පාරිභෝගික විශ්වාසය තහවුරු කරමින් TVS සන්නාමයේ සිය ප්‍රමිතිය හා ගුණාත්මකභාවය රැක ගැනීම මෙම නව දැනුම් මධ්‍යස්ථානය හරහා සිදුකරන ක්‍රියාවලියේ අරමුණයි. මෙම කාර්මික හා තාක්ෂණික පුහුණු වැඩමුළු හරහා යතුරුපැදි හා ත්‍රීරෝද රථවල දෝශ හඳුනාගැනීම හා නිරාකරණය, තාක්ෂණික සේවාවන් ලබාදීම මෙන්ම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නිෂ්පාදන දැනුම හා පාරිභෝගික සේවාවන් නව මුහුණුවරකින් ලබා දීමත් මෙහි ප්රමුඛ අරමුණකි.
TVS ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් කිය සිටියේ “ Knowledge Center කිරීමේ මූලිකවම හේතු සාධක වුණේ ත්‍රීරෝද රථ හා යතුරුපැදි කර්මාන්තයේ තාක්ෂණික හැකියාව හා වෘත්තීය නිපුනතාවය ශක්තිමත් කිරීමත්, අලෙවිය හා අලෙවියෙන් පසු සේවය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒමත්, නියම අමතරකොටස් හා නිසි සේවාව හරහා පාරිභෝගික තෘප්තිමත්භාවය අපගේ වගකීම හා වගවීම බව නිසැකවම කිව යුතුයි. “ වැඩි දුරටත් අදහස් දැක්වූ ඇන්තනී මහතා“ කොළඹ 14 හි 2024 දී ආරම්භ කළ අපේ ප්‍රධාන TVS තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිශන් සභාවේ (TVEC) අනුමැතිය ලබා තිබෙනවා. කාර්මිකයන්, අලෙවි හා සේවා නිලධාරීන්, මෙම කර්මාන්තයට අලුතින් එක්වීමට කැමැත්තක් දක්වන තරුණ ප්‍රජාව වෙත සැලසුම් සහගත පුහුණු වැඩසටහනක් මෙහි ක්‍රියාතමකයි. රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම නව මධ්‍යස්ථානය විවෘත වීමත් සමග ත්‍රීරෝද රථ අලුත්වැඩියා කාර්මික ශිල්පීන්ටද මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට අවකාශය සැලසීම සුවිශේෂී කරුණක්. මේ සියලුදේ සමඟ ක්ෂේත්රය පුරා කුසලතා සංවර්ධනයට අවශ්‍ය අපගේ දායකත්වය තවත් පුළුල් අන්දමින් ඉදිරියේදී ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වනවා“ යැයි ඒ මහතා අවසාන වශයෙන් කියා සිටියේය.
TVS ලංකා හි මානව සම්පත් හා පරිපාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලසන්ත ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ “ ආයතනයේ වර්ධනයටත් ඊට අනුබද්ධ අනෙකුත් ආයනතයන් හි වර්ධනයට අඛණ්ඩ ඉගැනුම් හා පුහුණු ක්‍රමවේදය අත්‍යවශ්‍ය සාධකයක්, රාගම Knowledge Center හරහා අපට තාක්ෂණික දක්ෂතාවය වර්ධනය කිරීම හරහා කර්මාන්තය පුරා වෘත්තීය හැකියාව ගොඩනැංවීමේ කැපවීම මෙම නව සංකල්පය හරහා තවත් ශක්තිමත් වනු ඇති බවයි.
TVS ලංකා හි පුහුණු හා සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රංගනාත් විදානපතිරණ මහතා කියා සිටියේ, රාගම දැනුම් මධ්‍යස්ථානය හරහා යතුරුපැදි හා ත්‍රී රෝද රථ යන අංශ දෙකෙහිම පුහුණුවීම් සිදුකළ හැකි බවත් අලෙවි බලකාය සදහා ද මෑතකදී ආරම්භ කළ TVS ONE FORCE අදියර තුනකින් යුත් පැවරුම් හා ක්‍රියාකාරකම් මත පදනම්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. කාර්මික ක්ෂේත්රයේ දැනුම ගැඹුරින් ලබාදීම, ප්‍රායෝගික කුසලතා ශක්තිමත් කිරීම හා වෙනස් වෙන වෙළඳපොළ වෙත තිරසර විසඳුම් ලබා දීම සිය ඉලක්කය බවයි.
මෙම දැනුම් මධ්‍යස්ථානය හරහා කාර්මික විද්‍යාල, ජර්මානු කාර්මික ආයතනය, තාක්ෂණික විද්‍යාල මෙන්ම හමුදා තාක්ෂණික පුහුණු වැඩසටහන් හා අනෙකුත් උසස් අධ්‍යාපන හා එක්ව සිසුන්ට ලබා දෙන පුහුණුව හා තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු යොදා ඇත. එමෙන්ම මෙය NVQ අදියර 4 මට්ටමේ සුදුසුකම පිරිනැමීමට අනුමැතිය ලබා දී ඇත. යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයේ නියැලෙන් සමාගමක් විසින් ක්‍රියාත්මක කරනුලබන පිළිගත් පළමු NVQ 4 වැඩසටහන මෙයයි. දිනෙන් දින වැඩි වන ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම සඳහා ස්ථාවරත්වය හා ඵලදායී පාරිභෝගික සේවයක් ලබාදීමටත් දැනුම් මධ්‍යස්ථාන ජාලය පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ අනාගත කර්මාන්ත අංශය සඳහා තිරසර වෘත්තීය පුහුණුවක් සහිත පුහුණු ශ්‍රමික බලකායක් ගොඩනැංවීම TVS ලංකා හි ප්‍රධානතම අරමුණයි.


