brand logo
logo
  නාවික සහ ගුවන් හමුදාපතිවරු අතර හමුවක්

නාවික සහ ගුවන් හමුදාපතිවරු අතර හමුවක්

09 July 2025



ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා අද (09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවී තිබේ.


හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුව සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිවිසි නාවික හමුදාපති වෙත ගුවන් හමුදාවේ ඉහළම හමුදා ආචාරය සහ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පිරිනමා පිළිගැනීම සිදුකර ඇත.


මෙම නිල හමුවේදී, ගුවන් හා නාවික හමුදාපතීන් අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් උපාය මාර්ගික කරුණු පිළිබඳව අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කර ති‍බේ.  


තවද, සහෝදර හමුදා අතර බැඳීම හා අන්තර් සේවා සහයෝගිතාව ශක්තිමත් කරමින් සිදුකෙරුණු මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණූ බව සඳහන් වේ.

 

More News..