brand logoaward badge
4 - 0ක ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

4 - 0ක ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

17 October 2023

පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් හිමි කරගැනීමේ තරගාවලියේ මූලික අදියර යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන අදියර අද (17) කොළඹදී ආරම්භ වීමට කටයුතු යොදා තිබේ.


මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම යේමනයට එරෙහිව තරග දෙකකදී තරග වදින අතර මෙහි දෙවන සහ අවසන් තරගය අද පස්වරු 3.00ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.


මූලික වටයේ පළමු තරගය පසුගිය 12දා ශ්‍රී ලංකාව සහ යේමනය අතර සවුදි අරාබි රාජ්‍යයේදී පැවැති අතර එම තරගය 3 - 0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට යේමනය සමත් විය.


මේ හේතුවෙන් ඉදිරි වටයට සුදුසුකම් හිමි කර ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ගෝල 4 - 0ක් ලෙස ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

 

More News..