මහනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක හදිසි ජල ගැලීම් තත්ත්වයක්
14 September 2026
මහනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක හදිසි ජල ගැලීම් තත්ත්වයක්
14 September 2026
අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් හදිසි ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මේ හේතුවෙන් පවුල් 8කට අයත් පුද්ගලයින් 25දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර, ඔවුන් දැනට නාවලපිටිය බව්වාගම විද්‍යාලයේ තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන තිබේ.
එම අවතැන් වූ පිරිස් වෙනුවෙන් මේ වන විටත් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර් 119කි.
හංවැල්ල, ඇල්පිටිය, නෙළුව, දුන්හින්න, වතුරවිල්ල සහ නාඋල යන ප්‍රදේශවලට ද මිලිමීටර් 50ත් 119ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණයට මෙන්ම අනෙකුත් ප්‍රදේශවලට බලපා ඇති අධික වර්ෂාපතනය යන තත්ත්වයන් දෙකටම මුහුණදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්ව සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයාම් පූර්ව ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
යම් ආපදා තත්ත්වයක් පැවතුනහොත් ඒ පිළිබඳව 117 ක්ෂණික දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද ඒ මහතා පැවසීය.
කෙසේ නමුත් පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36හිම ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණදී සිටින්නේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ක්‍රික්ක වේ.
එමෙන්ම ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති බවද මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත්වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

