brand logo
logo
පැය 24 ජල කප්පාදුව පැය 18 දක්වා අඩු වෙයි

පැය 24 ජල කප්පාදුව පැය 18 දක්වා අඩු වෙයි

03 April 2026

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. 


මීට පෙර සැලසුම් කරන ලද දිනයන් හා ප්‍රදේශවල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවද දැනුම් දී තිබේ.


පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

 

More News..