brand logo
ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

28 May 2023

සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබේ.


ඊයේ (27) රාත්‍රී මැලේසියාවේ ක්වාලාලාම්පූර්නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණ තිබේ


පසුගිය අඟහරුවාදා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජපානය බලා පිටත්ව ගියේය.


ජපාන සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.


එමෙන්ම එරට සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමු කිහිපයකටද එක් වූ ජනාධිපතිවරයා නව තාක්ෂණය මෙරටට යොදාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.


මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වියට්නාම සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන්ද මුණ ගැසී සාකච්ඡා කළේය. 

 

More News..