උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයදුම්පත් කැඳවයි
17 May 2025
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයදුම්පත් කැඳවයි
17 May 2025
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608ක ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අ. පො. ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු බවයි.