ගිනිගත්හේනේ රථවාහන පරික්ෂාවක්-වාහන 22ක් තාවකාලිකව ධාවනයයෙන් ඉවතට
06 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ගිනිගත්හේනේ රථවාහන පරික්ෂාවක්-වාහන 22ක් තාවකාලිකව ධාවනයයෙන් ඉවතට
06 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ගිනිගත්හේන නගරයේ ඊයේ (05) දින රාත්‍රියේ සිදු කල හදිසි රථවාහන පරික්ෂාවකදි ත්‍රී රෝද රථ ඇතුලු වාහන 22ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර පවසයි.
ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සහ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂක ඉන්දික කරුණාරත්න සහයෝගය ඇතිව ත්‍රී රෝද රථ ඇතුලු වාහන 44ක් පරික්ෂා කල බවත්, ඉන් වාහන 22ක් වාහනවල මුල් ආකෘතිය වෙනස් කර අවධානම් සහිත අමතර කොටස් සවි කිරිම, නිසිලෙස වාහන නඩත්තු නොකිරිම, යාන්ත්‍රික දෝෂ සහ අතිරේක විදුලි ලාම්පු සවි කිරිම සම්බන්ධයෙන් එම වාහන 22 තාවකාලිකව ධාවනයෙන් ඉවත් කල බව මෝටර් රථ පරික්ෂකවරයා සදහන් කරයි.
තාවකාලිකව ධාවනයෙන් ඉවත් කල වාහනවල ආදායම් බලපත්‍රය තමන් භාරයට ගත් බවත්, එම වාහනවල අඩුපාඩුකම් සපුරා යලිත් එම වාහන තමන්ගේ පරික්ෂාවට ඉදිරිපත් කනර තෙක් එම වාහන ධාවනය කල නොහැකි බවයි මෝටර් රථ පරික්ෂකවරයා කියා සිටියේ ය.

