තෙල්දෙණියේදී ගුවන් හමුදා ජල බවුසර් ට්‍රැක්ටරයක් පෙරළී සෙබළෙකු ජීවිතක්ෂයට
11 October 2026 | කමල් සුරවීර-මහනුවර
තෙල්දෙණියේදී ගුවන් හමුදා ජල බවුසර් ට්‍රැක්ටරයක් පෙරළී සෙබළෙකු ජීවිතක්ෂයට
11 October 2026 | කමල් සුරවීර-මහනුවර
තෙල්දෙණිය පොලිස් වසමේ දිගන මාබේරිය තැන්න ගුවන් හමුදා කඳවුරේ ට්‍රැක්ටර් ජල බවුසරය පෙරළී එහි ගමන් ගත් ,44 හැවිරිදි ගුවන් හමුදා භටයෙකු ට්‍රැක්ටරයට යටවී බරපතළ තුවාළ ලබා තෙල්දෙණිය රෝහලට ඇතුලත් කල අවස්ථාවේ මරණයට පත්ව ඇති බව තෙල්දෙණිය පොලීසිය පවසයි.
ජලබවුසරය පැදවූ රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් නිතුලේගම ප්‍රදේශයේදී ඊයේ (10) දින ජල බවුසර් ට්‍රැක්ටරය මාර්ගයෙන් ඉවතට පෙරළී ,එහි ගමන් ගත් ගුවන් භටයා ට්‍රැක්රටයට යටවී මරණයට පත්ව ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී එම් චන්ද්‍රපාල අධීක්ෂණ මත තෙල්දෙණිය පොලීසියේ රථ වාහන අංශය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

