ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයට බාධා
25 June 2025
ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයට බාධා
25 June 2025
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය.
තරගය පැවැත්වෙන කොළඹ එස්.එස්.සී. පිටිය සහ එම ප්‍රදේශයට තදවැසි ඇදහැලීම හේතුවෙන් මෙලෙස තරගය නතර කර තිබේ.
තරගය නතරකරන අවස්ථාව වන විට පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ පිල කඩුළු 4ක් දැවී ලකුණු 90ක් රැස්කර ගෙන සිටියේය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක් රැස්කළේ පන්දු 93ක දීය.
මොමිනුල් හක් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 21කි.
නායක නජ්මුල් හුසේන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 8ක් පමණී.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ තරිදු රත්නායක කඩුළු 1 බැගින් දවා ගැනීමට සමත් විය.