brand logo
logo
ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් වාමාංශික කම්කරු පක්ෂයට ජය

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් වාමාංශික කම්කරු පක්ෂයට ජය

04 May 2025

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය.


ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.


ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය.


ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලය වසර තුනක් වන අතර, දශක දෙකකට පසු, පිටපිට දෙවරක් ධුරයේ රැඳී සිටීමට හැකිවුණු පළමු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා වන්නේ ඇල්බනීස් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


කොන්සවර්ටිව් පක්ෂය සහ එහි නායක පීටර් ඩටන්ගෙන් අභියෝගයක් එල්ල වේවි යැයි අනුමාන කළත්, කම්කරු පක්ෂය අපේක්ෂා නොකළ අයුරින් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීම විශේෂත්වයක් විය. 

 

More News..