brand logo
logo
යුද හමුදා 77 වන සංවත්සරය වෙනුවෙන් කතරගමදී ආශිර්වාද පූජාවක්

යුද හමුදා 77 වන සංවත්සරය වෙනුවෙන් කතරගමදී ආශිර්වාද පූජාවක්

30 September 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට ආශිර්වාද කිරීමේ විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ (29) වෙනිදා ඓතිහාසික කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාල පරිශ්‍රයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධජය,රෙජිමේන්තු සහ ඒකක ධජයන්ට ආශිර්වාද ගැන්වීම සිදුවිය.


ප්‍රථමයෙන් කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් අභියසදී කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ආගමික වතාවත් සිදු කළ අතර,අනතුරුව සාම්ප්‍රදායික පෙරහැරකින් කතරගම දේවාලය වෙත ගොස් එහිදී ද පූජා චාරිත්‍ර ඉටු කරමින් ධජයන්ට ආශිර්වාද ලබාගන්නා ලදි.


රණවිරු ප්‍රජාවගේ යහපැවැත්ම හා සුරක්ෂිතභාවය ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව කතරගම දේවාල අරමුදලට ලබා දෙන මූල්‍ය ආධාරය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් බස්නායක නිලමේ තිළිණ මධුසංඛ වෙත නිල වශයෙන් භාර දෙන ලදි.


කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉඳිවෙමින් පවතින දම්සක් බුදු මැදුරද හමුදාපතිවරයීගේ නිරීක්ෂණයට ලක්විය.

 

More News..