ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
16 October 2026
ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
16 October 2026
ප්රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (16) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්රී 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව, සබරගමුව, මධ්යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත්, මඩකලපුව, ත්රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිය.
අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

